මුහුදු මාර්ගයෙන් බෙහෙත් ඇද්ද අයෙක් නාවික හමුදාවන් අල්ලයි

මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ පෙරේදා (06) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සහ ඖෂධ පෙති, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කුළුබඩු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?