මුහුදු ඛාදනය හේතුවෙන් ඉරණවිල ප්‍රදේශයේ ධීවරයින් පීඩාවට(ඡායාරූප)

දිනෙන් දින සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව හලාවත – ඉරණවිල ප්‍රදේශයේ ධීවරයින් සදහන් පවසනවා.

බටහිර මුහුදු තීරය ඛාදනය වීම ආරම්භ වූයේ මීට වසර 15 කට පමණ පෙරදීය. වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයෙන් ආරම්භ වූ මුහුදු ඛාදනය මාරවිල – මූදුකටුව දක්වා කෙටි කාලයක් තුළ වර්ධනය වී තිබෙනවා.

මෙම මුහුදු ඛාදනය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි වී සිටි පවුල් 100 කට පමණ තම නිවාස අහිමි වි ඇති අතර ඉස්සන් අභිජනන මධ්‍යස්ථාන ඇතුළු ව්‍යපාරික ස්ථාන රැසක්ද එම කාලයේ මුහුදට බිලි වන්නට විය.

දිනෙන් දින ඉහළ ගිය මුහුදු ඛාදනය පාලනය කිරීම සදහා කාලයෙන් කාලයට බලයට පත්වූ රජයන් ගල් වැටී යෙදීම සම වැලි පොම්ප කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විශාල ප්‍රමාණයේ කළු ගල් ගෙනවිත් මුහුදු වෙරළේ අතුරා තිබෙන අතර සංචාරක හෝටල් පවත්වා ගෙන යන මාරවිල මුහුදු වෙරළ ආරක්ෂා කිරීම සදහා වැලි පොම්ප කිරීම සිදු කර තිබෙනවා මේ සදහා පැවති රජයන් රුපියල් කෝටි ගණනක මුදල් වැය කර ඇති බවට කිසිදු සැකයක් නැති බවයි දක්නට ලැබෙන්නේ.

මේ වන විට මුහුදු ඛාදනය වැඩි වශයෙන් දක්නට ඇත්තේ තොඩුවාව මෝයට උතුරු දිගෙන් පිහිටි වෙරළ තීරයයි.ගෙවී ගිය වසර දෙකක පමණ කාලයට මෙම ප්‍රදේශයේ කිලෝ මීටර් 02 කට වැඩි ප්‍රමාණයක් මුහුද විසින් ඛාදනය කර ඇත.එම මුහුදු තීරයේ තිබූ නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර,තවත් නිවසක් අද – හෙට මුහුද විසින් බිලි ගන්නා බවට ඉගි පළ කර ඇත.මන්ද එම නිවසේ සිට මුහුදට ඇත්තේ අඩි 02 ක් 03 ක් වැනි කෙටි දුරක් වන නිසාය. එමෙන්ම පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් ඇති බවක්ද දක්නට ලැබෙනවා

මුහුදු ඛාදනය අවම කිරීම සදහා යොදා ඇති ඇතැම් ගල් වැටිද මුහුදට ගසා ගෙන ගොස් ඇති බවක් දක්නට ලැබෙනවා.

“ඉස්සර මුහුද තිබුනේ මීටර් 150 ක් විතර ඈත.දැන් මූහුද පාර ළගටම ඇවිත්.මේකට කරන්න ඕනේ දේ අපි වෙළර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තරුන්ට කිව්වා.එයාද අහනවා ඔයාලාද දන්නේ අපිද දන්නේ කියලා. ඇත්තටම අපි උපන් දා ඉදලා ඉන්නේ මුහුද අයිනේ.හෙට අනිද්දා වෙන කොට වාරකන් පටන් ගන්නවා.බලන්නකෝ එතකෙට ඇතිවන තත්ත්වය.ගැටළුව තියෙන්නේ අපි කියන්නේ අත්දැකීම් ඇතිව.නමුත් නිලධාරීන් කථා කරන්නේ එයාගේ දැණුම අනුව.ඉතිං ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක තේරුම් ගන්න ඒ අය උත්සාහ නොකිරීම තමයි මේ තරම් විනාශයක් වෙන්න හේතුව වෙලා තියෙන්නේ…..”අපිට හමුවූ ධීවරයෙකු කියා සිටියේය.

මුහුදු ඛාදනය හේතුවෙන් තම නිවස අහිමි වූ කාන්තාවක් අපට හමු විය.”අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මහත්තයා කරන්නේ මුහුදු රස්සාව.ගේ මුහුදට කඩා ගෙන ගියාට පස්සේ අපිට කර කියා ගන්න දෙයක් නැතිව ගියා.ඉන්න හිටින්න තැනක් හොයා ගෙන යන කොට තමයි ආණ්ඩුවේ ඉඩමක් හම්භ වුනේ.අපි ගිහිං ඒ ඉඩමේ පුංචි පැලක් අටවා ගත්තා.ඒක දැන ගත්තු මහවැව ප්‍රාදේශීය ලේකම් තුමිය ඇවිත් අපිට කිව්වේ වහාම ඉඩමනේ අයින් වෙන්න කියලයි.අපි යන්න තැනක් නෑ කියලා පුළුවන් තරම් කිව්වා.අන්තිමේට කිව්වා ස්ථීර ගෙයක් හදන්න එපා කියලා.අඩුම තරමින් වැසිකිළියක්වත් හදා ගන්න එපා කියලයි ඒ අය කියන්නේ.මේක පුදුම රටක් මහත්තයෝ….”ඇය කියා සිටියාය.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිමල් තිසේරා මහතා මෙසේ පැවසීය.”දැන් දවස් කීපයක්ම මුහුද ගොඩ ගැළුවා.හෙට අනිද්දා වෙන කොට තත්ත්වය තවත් වැඩි වෙනවා.මුහුද ගොඩ ගැලීම නිසා හලාවත ඉදලා වෙන්නප්පුව දක්වා තියන කාපට් පාරටත් හානි වෙන එක නවත්වන්න බෑ.අපි මේ තත්ත්වය දන්න කියන හැම කෙනෙකුටම කිව්වා.පසුගිය දවසක සිද්ධ වෙන හානිය බලන්න ආපු පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා නම් කිව්වේ දවස් 07 ක් යන්න පෙර ගල් වැටි දාලා අපිව ආරක්ෂා කරලා දෙනවා කියලයි.ඒත් තවම එහෙම දෙයක් වෙලා නෑ.මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව තමයි අපි මේ ඉන්නේ….”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39