මුස්තාෆිසුර්ට අයි.පී.එල් අහිමිවෙයි ද ? – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිහඬතාව බිඳියි

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සහභාගීවීම වැළැක්වීමට ඉන්දීය රජය විසින් කිසිදු දැනුම්දීමක් සිදුනොකළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

පසුගිය මාසයේ පැවති අයි.පී.එල් වෙන්දේසියේ දී බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගැනීම පිළිබඳව මතුව ඇති සංවාද අතරතුර, බංග්ලාදේශ ක්‍රීඩකයින් ලීගයට සහභාගී වීම වැළැක්වීම සඳහා රජයෙන් කිසිදු නියෝගයක් ලැබී නොමැති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග නැවත අවධාරණය කළේ.

පසුගිය මාසයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රුපියල් කෝටි 9.20 කට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගනු ලැබුවා.

මුස්තාෆිසුර් රහ්මාන් වාර්තා අතරට එක් වුණේ මෙතෙක් පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිවල දී ඉහළම මිලක් ගෙවමින් මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

බංග්ලාදේශයේ ආගමික සුළුතරයන්ට එරෙහිව මේ වනවිට සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාධ්‍යයේ මුස්තාෆිසුර් රහ්මාන් එළඹෙන අයි.පී.එල් තරගාවලියට පැමිණීම ඇතැමුන් ප්‍රශ්නකර සිටියා.

ඒ අතර ඉන්දීය දේශපාලන නායකයින් ද වනවා.

ඇතැම් ඉන්දීය දේශපාලන නායකයින් පැවසුවේ මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගැනීමට කටයුතු කළ කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් නළු ශාරුක් ඛාන් දේශද්‍රෝහියෙකු බවයි.

එමෙන්ම ආධ්‍යාත්මික ගුරු දේව්කිනන්දන් තාකූර් ද මුස්තාෆිසුර් රහ්මාන් කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ව විවේචනයට ලක් කළා.

අසල්වැසි රටේ හින්දු භක්තිකයන්ට එරෙහි හිංසාවන් පිළිබඳ වාර්තා මධ්‍යයේ කණ්ඩායමට බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ඇතුළත් කර ගැනීම හින්දු භක්තිකයින්ට සිදුකළ අපහාසයක් බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, බංග්ලාදේශ ක්‍රීඩකයින් තරගාලියට සහභාගී වීම වැළැක්වීමට රජයෙන් උපදෙස් දෙන කිසිදු සන්නිවේදනයක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26