මුස්තාෆිසුර්ට අයි.පී.එල් අහිමිවෙයි ද ? – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිහඬතාව බිඳියි

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සහභාගීවීම වැළැක්වීමට ඉන්දීය රජය විසින් කිසිදු දැනුම්දීමක් සිදුනොකළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

පසුගිය මාසයේ පැවති අයි.පී.එල් වෙන්දේසියේ දී බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගැනීම පිළිබඳව මතුව ඇති සංවාද අතරතුර, බංග්ලාදේශ ක්‍රීඩකයින් ලීගයට සහභාගී වීම වැළැක්වීම සඳහා රජයෙන් කිසිදු නියෝගයක් ලැබී නොමැති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග නැවත අවධාරණය කළේ.

පසුගිය මාසයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රුපියල් කෝටි 9.20 කට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගනු ලැබුවා.

මුස්තාෆිසුර් රහ්මාන් වාර්තා අතරට එක් වුණේ මෙතෙක් පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිවල දී ඉහළම මිලක් ගෙවමින් මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

බංග්ලාදේශයේ ආගමික සුළුතරයන්ට එරෙහිව මේ වනවිට සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාධ්‍යයේ මුස්තාෆිසුර් රහ්මාන් එළඹෙන අයි.පී.එල් තරගාවලියට පැමිණීම ඇතැමුන් ප්‍රශ්නකර සිටියා.

ඒ අතර ඉන්දීය දේශපාලන නායකයින් ද වනවා.

ඇතැම් ඉන්දීය දේශපාලන නායකයින් පැවසුවේ මුස්තාෆිසුර් රහ්මාන් මිල දී ගැනීමට කටයුතු කළ කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් නළු ශාරුක් ඛාන් දේශද්‍රෝහියෙකු බවයි.

එමෙන්ම ආධ්‍යාත්මික ගුරු දේව්කිනන්දන් තාකූර් ද මුස්තාෆිසුර් රහ්මාන් කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ව විවේචනයට ලක් කළා.

අසල්වැසි රටේ හින්දු භක්තිකයන්ට එරෙහි හිංසාවන් පිළිබඳ වාර්තා මධ්‍යයේ කණ්ඩායමට බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ඇතුළත් කර ගැනීම හින්දු භක්තිකයින්ට සිදුකළ අපහාසයක් බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, බංග්ලාදේශ ක්‍රීඩකයින් තරගාලියට සහභාගී වීම වැළැක්වීමට රජයෙන් උපදෙස් දෙන කිසිදු සන්නිවේදනයක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?