AFC Banner
Empty Ad
Empty Ad

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට පැමිණ ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන බව හෙළි වී තිබේ.

පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් දෙදෙනෙක් යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණෙන දර්ශන CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී අද පෙරවරු 6ට පමණ සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 42ක පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මත්ද්‍රව්‍ය ජවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් වෙඩි තැබීමට හේතුව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, මිරිහාන විශේෂ අපරාධ අංශය හා තවත් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?