මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් Aහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්කරුට අනුමැතිය

මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ලොට් A සහ ලොට් B වශයෙන් ව්‍යාපෘති 02කින් සමන්විත එම ව්‍යාපෘතියේ ලොට් Bහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා තිබෙනවා.

මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන් බහනු 02 ක් ඉදිකිරීම් ඇතුළත් වන ලොට් Aහි ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණා.

ඒ සඳහා ලංසු 04ක් ලැබී තිබෙනවා.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ RS Infraprojects (Pvt) Ltd වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.04ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 499.66ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44