AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් රක්ෂිතයක තුල දළ ඇතෙක්ට කල අප%රාධය

මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන්.

මියගිය ඇතාගේ මරණ පරීක්ෂණය වනජීවී නිලධාරීන් විසින් සිදුකළ අතර සැකකරුවන් විසින් කපාගැනීමෙන් අනතුරුව සිරුර තුළ ඉතිරිව තිබූ දළ කොටස් ලබාගෙන තිබෙවා.

එම කොටස් දළ කැපූ සැකකරුවන් සතුව තිබූ දළ යුගලයට ගැලපෙන බවටයි අනාවරණ වී ඇත්තේ.

අඩි 7ක පමණ උසකින් යුත් වයස අවුරුදු 20ක් පමණ වන ඇතෙක් මෙලෙස ඝාතනය කර තිබෙනවා.

දේශීයව නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මුල්ලියාවේලි පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අදාළ දළ යුගළ විකිණීමට සූදානම් කර තිබු බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?