මුලතිව්වල පාසල් 08ක අධ්‍යාපන කටයුතු හදිසියේ නවතියි

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව රජයේ පාසල්වල තාවකාලිකව රඳවා සිටීම හේතුවෙන් අද (19) දින මුලතිව්හි පාසල් 08 ක අධ්‍යාපන කටයුතු සිදු නොවන බවට මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පාසල් 08 ක
අධ්‍යාපන කටයුතු අද දින නොපැවත්වෙන අතර අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල් 08ක පවුල් 341 කට අයත් පුද්ගලයින් 1039 දෙනෙකු තාවකාලිකව මෙලෙස රඳවා තිබෙනවා.

මෙලෙස පාසල්වල තාවකාලිකව රැඳී සිටින ජනතාවට අවශ්‍ය ආහාර පානාදිය ඇතුලු පහසුකම් ලබාදීම සඳහා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය,ආපදාකලමනාකරන කාර්යාලය මෙන්ම ආරක්ෂක අංශ නිලධාරින්ද පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?