AFC Banner
Empty Ad
Empty Ad

මුදල් වංචාවක් කළ රැකියා නියෝජිතවරියක් ගුවන්තොටේ දී කොටු වෙයි

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 60ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබාගත් රැකියා නියෝජිතවරියක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පළායාමට තැත් කිරීම හේතුවෙන්, ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඇය හලාවත, කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

ඇය විසින් සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා අද (13) දින යාමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පැවසීම හේතුවෙන් මෙම තරුණයන් අද (13) උදෑසන 03.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ වන විටත් මෙම තරුණයින් හට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සහ වීසා බලපත්‍ර ලබා දී ඇති අතර, මෙම රැකියා නියෝජිත්වරිය පැමිණෙන තෙක් ගුවන් තොටුපළ පර්‍යන්තයේ සිටින ලෙසට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ගුවන් ගත වීමට නියමිත ගුවන් යානය උදෑසන 10.30 ට පිටත් වීමට නියමිතව තිබූ අතර, රැකියා නියෝජිතවරිය, උදෑසන 08.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මොවුන්ගේ වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සියල්ල එකතුකර ගුවන් තොටුපළ වෙත ඇතු වී ඇති බවයි වාර්තා වන්නේ.

පැයක පමණ කාලයක් බලා සිටි මෙම පිරිස, ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී රැකියා නියෝජිතවරිය පිළිබඳ සොයා බැලීමත් සමගම , ඇය ගුවන් තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී , මහත් පරිශ්‍රමයක් දරා ඇයව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දී තිබුණා.

මෙම කාන්තාව තවත් 15 දෙනෙකුගෙන් ද මේ ආකාරයට සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බවයි එම තරුණයින් පිරිස පවසා තිබෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැකියා නියෝජිතවරිය ජා – ඇළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?