මුදල් වංචාවක් කළ රැකියා නියෝජිතවරියක් ගුවන්තොටේ දී කොටු වෙයි

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 60ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබාගත් රැකියා නියෝජිතවරියක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පළායාමට තැත් කිරීම හේතුවෙන්, ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඇය හලාවත, කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

ඇය විසින් සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා අද (13) දින යාමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පැවසීම හේතුවෙන් මෙම තරුණයන් අද (13) උදෑසන 03.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ වන විටත් මෙම තරුණයින් හට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සහ වීසා බලපත්‍ර ලබා දී ඇති අතර, මෙම රැකියා නියෝජිත්වරිය පැමිණෙන තෙක් ගුවන් තොටුපළ පර්‍යන්තයේ සිටින ලෙසට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ගුවන් ගත වීමට නියමිත ගුවන් යානය උදෑසන 10.30 ට පිටත් වීමට නියමිතව තිබූ අතර, රැකියා නියෝජිතවරිය, උදෑසන 08.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මොවුන්ගේ වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සියල්ල එකතුකර ගුවන් තොටුපළ වෙත ඇතු වී ඇති බවයි වාර්තා වන්නේ.

පැයක පමණ කාලයක් බලා සිටි මෙම පිරිස, ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී රැකියා නියෝජිතවරිය පිළිබඳ සොයා බැලීමත් සමගම , ඇය ගුවන් තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී , මහත් පරිශ්‍රමයක් දරා ඇයව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දී තිබුණා.

මෙම කාන්තාව තවත් 15 දෙනෙකුගෙන් ද මේ ආකාරයට සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන ඇති බවයි එම තරුණයින් පිරිස පවසා තිබෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැකියා නියෝජිතවරිය ජා – ඇළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32