මුකේෂ් අම්බානි සහ මුත්තයියා මුරලිදරන් අතර ගිවිසුමක්

ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සමාගමක් වන Ceylon Beverage International සමඟ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම ඉන්දියාවේ සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින සමාගමක්.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, මුකේෂ් අම්බානි විසින් දශක ගණනාවක් පැරණි සන්නාමය වන Campa Cola යළි දියත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගම ඉන්දියානු සිසිල් බීම වෙළඳපොලේ උපරිම ආධිපත්‍යයක් තහවුරු කර ගැනීමේ අරමුණින් ගිවිසුම් අත්සන් කරන ලද අතර පෙප්සි සහ කොකා-කෝලා වැනි ප්‍රධාන සමාගම් සඳහා තරඟකරුවන් ලෙස එම සමාගම් ඉස්මතු වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් විසින් ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන් ගේ සමාගම Campa Cola සඳහා ටින් ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කරනු ඇති.

Ceylon Beverages සමාගම එම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ද සඳහන්.

එම කම්හල ස්ථාපිත වන තෙක් Cylon Beverages’s Sri Lanka කර්මාන්ත ශාලාවෙන් ටින් කළ Campa Cola අපනයනය කිරීමට නියමිතයි.

Reliance Industries හි ඒකකයක් වන Reliance Consumer Products, Reliance’s Campa සිසිල් බීම නිෂ්පාදන සහ බෙදාහැරීමේ හවුල්කාරිත්වය සඳහා චෙන්නායි හි පිහිටි සමාගමක් වන Kali Aerated Water Works සමඟ මීට පෙර සම්බන්ධ වී තිබෙනවා.

Reliance Consumer විසින් Campa Cola සමාගම Pure Drinks Group වෙතින් 2022 වසරේදී යි මිලදී ගනු ලැබුවේ.

ඉන් පසුව Reliance Consumer විසින් මෙම වෙළඳ නාමයට නව මුහුණුවරක් ලබා දෙමින් නැවත එළිදක්වනු ලැබුවා.

එය ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා වෙළඳපොලට හඳුන්වා දී ඇති බව සඳහන්.

Reliance සමාගම ඉතා ඉක්මනින් Campa Cola ඉන්දියාව පුරා දියත් කිරීමට සූදානම් වන අතර මෑත කාලීනව සිදු වූ ගනුදෙනු මගින් සමාගමට සිය ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට උපකාරී වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41