AFC Banner
Empty Ad

මීටියාගොඩ පියාට සහ දියණියට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද (16) පස්වරුවේ මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව මීටියාගොඩ පොලිසිය අප කළ විමසීමක දී සඳහන් කළා.

සැකකරුවන් සමඟ ගිනි අවියක්ද පොලිස් භාරය ගෙන තිබෙනවා.

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමක දී දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ පියා (49) සහ දියණිය (29) බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනාට සැකකරුවන් තියුණු ආයුධයකින් ද පහර දී ඇති බවයි අනාවරණය වුණේ.

මෙහිදී බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය අරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?