AFC Banner
Empty Ad
Empty Ad

මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා මෙලෙස ඝාතනය කර තිබුණේ, 24 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරුවන් පැමිණි යතුරුපැදි 2 ක් සොයා ගත් බවයි.

පහරදීමට යොදා ගත් උල් පිහි 2ක්, මන්නයක් සහ කඩුවක් පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?