මීගමු රෝහලේ 08 වන මහලෙන් බිමට පැන කාන්තාව ජීවිතක්ෂයට

මීගමුව රෝහලේ 08 වන මහලෙන් බිමට පැන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුව, අලුත් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව උදරාබාධයක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා පසුගිය 14 වනදා රෝහල් ගතව ඇති අතර, ඇය ඊයේ (17) උදෑසන කාලයේ දී වාට්ටුවෙන් පැනගොස් රෝහලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

08 වන මහලෙන් බිමට පැන්න අදාළ කාන්තාව රෝහලේ මූලික ප්‍රථිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියට වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?