මීගමුව රෝහලේ 8වන මහලෙන් බිමට පැන්න කාන්තාවක් ජිවිතක්ෂයට.

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අටවන මහලෙන් පැනීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර
රෝහල් පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ ආරම්භ කරඇත.

මෙසේ මියගොස් ඇත්තේ මිගමුව අලුවත්තේ පදිංචි 53 වියැති ටී සෙල්බි නැමැති කාන්තාවක.

උගුරේ ආබාධයක් සදහා ප්‍රතිකාර ගැනීම සදහා පසුගිය 14 දින නේවාසික ප්‍රතිකාර සදහා රෝහල් ගතව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.