මීගමුව බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වූ ආකාරය CIDය අධිකරණයේ දී හෙළිකරයි

තමන්ට ව්‍යායාම කිරීමට කාලය ප්‍රමාණවත් නැති බව කියමින් ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තා බන්ධනාගාර නිලධාරියකුට
මරණ තර්ජනය කර කලහාකාරීව හැසිරීමත් සමඟ මීගමුව බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇති බව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවේ අද (14) කරුණු වාර්තා කළා.

මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

ඒ සම්බන්ධයෙන් සිද්ධිය වන විට රඳවා සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගත යුතු බැවින් මේ වන විට රැඳවියන් ලංකාව පුරා ඇති බන්ධනාගාර වල රඳවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක මෙහිදී ඉල්ලිමක් කළා.

ඒ සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඉකුත් 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරික්ෂක කලුආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් කළා.

එහීදි එම නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

මේ වන විට එම ඝාතනයන්ට යොදා ගත් ආයුධ සෙයා ගත් බවත්, ගිනි අවි 60ක් ජීව උණ්ඩ සහිතව නඩු භාණ්ඩ කාමරය වෙත භාර ⁣දුන් බවද සඳහන් කළා.

එම අවි ඉදිරියේ දී නඩු විභාගය සඳහා අවශ්‍ය වන විට අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කර සිටියා.

බන්ධනාගාර පරිශ්‍රයේ සවිකර තිබූ සීසිටීවි කැමරා වල DVR යන්ත්‍ර රැඳවියන් විනාශ කර ඇති බවත් එවායේ තිබි දෘඩ තැටි දෙකක් සෙයා ගත් බවද ඒවා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයට යොමු කරන ලෙස ද ඉල්ලා සිටියා.

මහෙස්ත්‍රාත්වරිය ඊට අවසර ලබාදුන්නා.

සිදුව ඇති මරණ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී යොමුකළ කෙටි මරණ පරීක්ෂන වාර්තා තුනක්ද ඉදිරිපත් කළා.

බරපත ලෙස සිදුකළ පහරදීම, වෙඩි වැදිම් සහ විවෘත තීන්දු සම්බන්ධයෙන් ⁣එම කෙටි වාර්තා ⁣ලබා දී තිබෙනවා.

“ස්වාමිනි, ඉකුත් 05 වැනිදා උදේ කාලයේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල් සිදුවිම ඇති වෙලා තියෙන්නේ. බන්ධනාගාරයේ A1 යන වාට්ටුවේ රඳවා සිටි සැකකරු අංක 4423 යන සුරේෂ් පුෂ්පකුමාර නොහොත් ‘ක⁣ටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාට ව්‍යායාම කිරීමට ලබාදුන් කාලය මදි යැයි කියා නිලධාරීන් සමඟ කලහාකාරි ලෙස හැසිරිලා. ඒ නිසා ඔහු L වාට්ටුවට යොමු කරලා. එතනදි නැවත ගහගෙන. ඒ නිසා නැවත A1 එක දලා. එතනදි ගහගෙන තමයි මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් 36 තුවාල ලබන්නේ. එම තත්ත්වය පාලනය කිරීමට යාමේදි රැඳවියන් විසින් සම්පූර්ණ බන්ධනාගාරයේම පාලනය අතට ගන්නවා. ඒ නිසා නිලධාරීන් මීගමුව පොලිසියට සහ මීගමුව අපරාධ කොට්ඨාසයට වාර්තා කරනවා. එතනදි අපරාධ ස්ථානය පරික්ෂා කිරීමට පොලිස් නිලධාරීන් ඇතුළු වීමට යාමෙදී ඇතුළු වීමට ඉඩ දිලා නැ.පසුදා වන තුරුම රැඳවියන් අතේ පාලනය තිබු බැවින් බන්ධනාගාර නිලධාරීන් කොළඹින් බන්ධ පොලිස් නිලධාරීන් 89ක් ගෙන්වාගෙන තියනවා. ඒ වන විට බන්ධනාගාර තුළ රැඳවියන් 2417 ක් සිටියා. සිරකරුවන් 162ක් සහ රිමාන්ඩ් සිරකරුවන් 2,255ක්. එමෙන්ම කාන්තාවන් 161ක් කාර්ය මණ්ඩල නිලධාරීන් 161 සිටියා. වාට්ටු 16ක් තියනවා. 06 වනිදා උදේ කෑම දෙන්න ගියාම රැඳවියන් කියලා තියනවා සර්ලා එන්න එපා.ඉක්මනින් මෙතනින් යන්න කියලා. ඒ අවස්ථාවේ දී තමයි උදේ 10.30ත් 10.50ත් අතර සිද්ධිය නැවත ආරම්භ වෙලා තියෙන්නේ. එතනදි රැඳවියන් මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට පහර දිලා තියනවා. ඒ අය දුවලා ඇවිත් දැල් දොර අසලට පැමිණ බේරිලා. රණ්ඩු බේරන්න ගිය බන්ධ පොලිස් නිලධාරීන්ට දැල් දොර පැත්තට දුවන් එන්න අවබෝධයක් නැති නිසා ඒ අය ඇතුලේ හිර වෙලා. එහිදී රැඳවියන් මැරෙන තුරු පහරදීලා තියනවා. රැඳවියන් අවි ගබඩාව කඩා තුවක්තු පැහැරගෙන වෙඩි තැබුවාට පසු තමයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබුවේ. බන්ධනාගාර තුළ සිදුකළ සොදිසි වලින් ටී 56 උන්ඩ සහ මිලි මීටර් 9 ප්‍රමාණයේ උන්ඩ 271 ක් සොයා ගත්තා. මේ වන විට විමර්ශන කණ්ඩායම් තුනක නිලධාරීන් 40ක් විමර්ශන සිදු කරනවා. ඉදිරි දිනයේ දී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා. තක්සේරුවක් ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. ඒවගේම බන්ධනාගාරයයේ සී.සී.ටී.වී කැමරා සවි කර ඇත්තේ යුද හමුදාව මගින්. එවායේ අන්තර්ජාලය තුළ පටිගතව ඇති දර්ශන ලබා ගැනීම සඳහා යුද හමුදා සංඳා බලකායට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

එහිදි එම නිලධාරීන් ඉල්ලා සිටි සියලුම නියෝග මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබුවා.

ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය 16 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් මරණ පරික්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් සාක්ෂි කැඳවා නැති මරණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට සූදානම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

  1. ඉරාන පලස්තීන isis මුස්ලිම් ත්‍රස්තවාදයේ House of War කුමන්ත්‍රණය රටේ සෑම අංශයකම ක්‍රියාත්මක කර රටම ගිනි ගොඩක් කරමින් ලංකාව මුස්ලිම් ත්‍රස්තවාදී රාජ්‍ය කීරීමේ අවුරුදු 50 ක කුමන්ත්‍රණයේ දිගුවකි. ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සහිතව රටේ සිංහල හා දමිල ජනතාව සංහාරයෙන් බේරා ගනිමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48