මීගමුවේ නගරාධිපති ලෙස රොබට් හීන්කෙන්ද ධුරයේ රාජකාරී අරඹයි

මීගමුව නගරාධිපතිවරයා ලෙස රොබට් හීන්කෙන්ද මහතා අද (02) පෙරවරුවේ සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කළා.

රොබට් හීන්කෙන්ද මහතා ,මෙවර පැවති පළාත් පාලන මැතිවරණය සඳහා, ප්‍රථම වතාවට ඉදිරිපත් වූ අතර දක්ෂ නීතිඥවරයෙකු වන හෙතෙම, මීගමුව, පළඟතුරේ කොට්ඨාසය නියෝජනය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජාතික ජන බලවේග පක්ෂයේ මීගමු ආසනයේ කණ්ඩායම් නායකයා වන්නේ ද හීන්කෙන්ද නගරාධිපතිවරයායි.

මීගමුව මහා නගර සභාවට ජය ගත යුතු අභියෝගයන් රාශියක් පවතින බැවින්, ඉදිරි කාලයේ සියලු දෙනාගේම සහයෝගය මත එම අභියෝග සියල්ලම ජයග්‍රහණය කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම මීගමුව මහා නගර සභාව ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන සහ දියුණු, පළාත් පාලන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ ගන්නා බව ද නව නගරාධිපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
1
+1
17
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?