මීගමුවෙන් මුහුදු ගිය ජෙරම් පුතා බහුදින යාත්‍රාව ගැන තවමත් තොරතුරක් නැහැ (වීඩියෝ)

පුද්ගලයින් හතර දෙනෙකු සමඟින් මිගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජෙරම් පුතා නම් බහුදින යාත්‍රාවෙන් දින 22 පුරා තොරතුරක් නැතැයි ඥාතීන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් තමන්ට කඩිනමින් තොරතුරක් සොයා දෙන ලෙසයි.

ජෙරම් පුතා නම් බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 17 වැනිදා ධීවරයින් 4 දෙනෙකු සමගින් මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මුහුදු ගොස් මේ වනවිට දින 22ක් ගත වුවද, ධීවර යාත්‍රාවෙන් කිසිදු තොරතුරක් ගොඩබිමට ලැබී නොමැති බව යාත්‍රාවේ හිමිකරු පවසනවා.

එම යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් මීගමුව වැල්ලවීදියේ සහ තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ධීවරයින් සහ යාත්‍රාව පිළිබඳ කඩිනමින් තොරතුරක් සොයා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?