මිහිකතවත්ත නිවාස ක්‍රමයත් තවත් මීතොටුමල්ලක් වෙයි ද ?

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොට්ඨාසයේ, කිතුලාව ග්‍රාම නිලධාරී වසමේ මිහිකතවත්ත සුනාමි නිවාස ක්‍රමයේ පවුල් කිහිපයක් නාය යෑමේ අවදානමක් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් මෙම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි වී වසර 12 කට ආසන්න කාලයක් වන බවයි වාර්තා වන්නේ.

එහි ජීවත්වන පවුල් කිහිපයක් පවසන්නේ එම නිවාසවලට ඉහළින් පිහිටි විශාල ප්‍රමාණය කලු ගලක්, එම නිවාසවලට ඇද වැටීමට ආසන්නව පවතින බවයි.

එම විශාල ගලට අමතරව ඒ අසල පිහිටි තවත් කඳු රැසක්ම වන විට නාය යාමේ මූලික ලකුණු පහළ වී ඇති බවටද ඔවුන් පවසනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ තත්ත්වය ඉතාමත්ම බරපතල තත්වයක් බවත්, මේ වන විටත් එම කන්දෙන් ජල ධාරාවක් ඇද හැලෙමින් පවතින බවත්, මේ නිසා එමඟින් කන්ද මුදුනේ පිහිටි විශාල ප්‍රමාණයේ කළුගල කොයි මොහොතක හෝ පෙරළීමට ආසන්න බවයි.

මෙම දැඩි අවදානම් තත්ත්වය නිසා එම ජනතාව රාත්‍රී කාලයේ රැය පහන් නොකර ජීවිත අවදානම ඇතුව ජීවත්වන බව ඔවුන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාවවන ආකාරයට මෙම පස් කන්දට ආරක්ෂිත බැම්මක් ඉදිකොට ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතකර දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36