72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය නියෝජනය කිරීමට සූදානමින් සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.
ඒ, සිය නිල එක්ස් ගිණුමට විශේෂ සුබපැතුම් පණිවුඩයක් එක්කරමින්.
ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ අනුදි ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවයි.
ඒ, අනුව අද දිනය සාර්ථක කර ගැනීමට සුබපැතුම් එක්කරන බවයි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
+1
7
+1
+1
+1
+1





