මිලි මීටර් 150ට වැඩි තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ, අනුව තද වැසි පිළිබඳව එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම පද්ධතියේ බලපෑමෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?