මිලියන 93ක කේරළ ගංජා සමඟ 3ක් නීතියේ රැහැනට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 283කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (04) අළුයම් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 මුර යාත්‍රාව යොදවා යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේඊයේ අළුයම කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

එම යාත්‍රාව තුල උර 6ක පාර්සල් 76ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 283යි ග්‍රෑම් 700ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 93කට අධික වන බවටයි සැලකෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 19 ත් 51 ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා කිලෝ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46