මිලියන 54ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් අග්බෝ නෞකාව මඟින් මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ සිදු කල විශේෂ පාමුර සංචාරයකදී යි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ.

එම වෙරළ තීරයේ සඟවා තිබූ සැක කටයුතු උර 08ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී, පාර්සල් 71ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 150 ග්‍රෑම් 390ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක පාර්සල් 07ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 ග්‍රෑම් 05 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සහ මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමා නිවාසයේ දරුවන්ට අවුරුද්දට පියෙක් වුණ මහවැලි තාත්තා.."මෙයාලට අම්මලා තාත්තලා නෑනේ"
04:57
Video thumbnail
මේ මනුස්සයා Highway Wrong Side යන හැටි..මෙහෙම මිනිස්සු නිසා තමයි අනතුරු වෙන්නේ..
00:55
Video thumbnail
අනුරට කළ්‍යාණ මිත්‍රයව හපන්න ඉබින්න ගොඩක් කල් තිබ්බා..ගල් අඟුරු හපන්න ඕනි නෑ l Dilith Jayaweera
08:43
Video thumbnail
චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ
00:57
Video thumbnail
උතුරේ ඉන්න භික්ෂූන්ට බලපෑම් කරනවා - කස්සප හිමි සියල්ල හෙළිකරයි..උතුරෙන් පලවා හැරීමේ ක්‍රියාවක්
11:49
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46