AFC Banner
Empty Ad

මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි ලබන පළමු වනදා සිට විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට

මැයි මස 01 වනදා සිට රුපියල් මිලියන 200ට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (23) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ, සඳහා අප්‍රේල් මස 19 වන දින අංක 08 / 2019 (1) චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බවත්, විනිවිද භාවය වගකීම් සහ කාර්යක්ෂමතාවය පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

2023 මැයි මාසයේ සිට සියළුම කැබිනට් අමාත්‍යාංශවල, වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, 2025 වර්ෂය වන විට සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය ( e – GP ) ඔස්සේ පමණක් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

මෙම වැඩසටහන හරහා ඉදිරියේදී නාස්තියෙන් හා දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැංවීම හැකිවන බව ද ඔහු එහිදී සඳහන් කළා.

වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව ද සහයෝගය දක්වන අතර, ඒ සඳහා වන ගිවිසුම මැයි මාසයේදී අත්සන් කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දවමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?