මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි ලබන පළමු වනදා සිට විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට

මැයි මස 01 වනදා සිට රුපියල් මිලියන 200ට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (23) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ, සඳහා අප්‍රේල් මස 19 වන දින අංක 08 / 2019 (1) චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බවත්, විනිවිද භාවය වගකීම් සහ කාර්යක්ෂමතාවය පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

2023 මැයි මාසයේ සිට සියළුම කැබිනට් අමාත්‍යාංශවල, වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, 2025 වර්ෂය වන විට සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය ( e – GP ) ඔස්සේ පමණක් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

මෙම වැඩසටහන හරහා ඉදිරියේදී නාස්තියෙන් හා දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැංවීම හැකිවන බව ද ඔහු එහිදී සඳහන් කළා.

වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව ද සහයෝගය දක්වන අතර, ඒ සඳහා වන ගිවිසුම මැයි මාසයේදී අත්සන් කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දවමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28