AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 06කට වඩා වැඩි වටිනාකමක් සහිත කේරළ ගංජා සොයාගැනේ

රුපියල් මිලියන 06කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (19) දිනයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක් ව සිදු කළ මෙහෙයුම්වලදියි.

යාපනය, චාවකච්චේරි මනිත්තලේයි දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රාවක් ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 23 ත් අතර වයසේ පසුවන චාවකච්චේරි පූනකරි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනකරි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?