මිලියන ගාණක කොකේන් තොගයක් කටුනායකින් අල්ලයි

කටුනායක ගුවන් තොටුපොළ පර්‍යන්තයේ ගුවන් බඩු ගම්මානයට කුරියර් සේවය හරහා එවන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් විසින්.

එම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 139ක් බවයි පැවසෙන්නේ.

කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇත්තේ සූක්ෂ්ම ලෙස විදුලි උපකරණවල බහා යි.

මේ සම්බන්ධයෙන් සැකපිට මාලිගාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 23 හා 24 වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාෂණ නියෝජිතයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර ඇති බවයි වාර්තා වන්නේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් – රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිදු කරනු ලබන බවයි.

Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?