වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතික කාන්තාවන් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවක් බවයි පොලිසිය සදහන් කළේ.
ඊයේ (13) සවස් කාලයේ විදේශීය යුවළක් මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී කාන්තාව දිය වැලකට හසුව හසගෙන ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1



