ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එම යාත්‍රාවේ නීතිවිරෝධීව රැඳී සිටි පිරිස අත්අඩංගුවට ගෙන කන්සකන්තුරේ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් හා ළමයින් ඇතුළු මියන්මාර ජාතිකයින් 105 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත මෙම සැකකරුවන් අද (19) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.













