මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිර වූ ලාංකිකයින් 15ක් මුදාගෙන මෙරටට

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, එයින් මුදා ගෙන ඊයේ (07) දින උදෑසන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජය සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කඳවුර තුළින් මුදාගෙන මෙරටට ගෙන ඒමට හැකි වී ඇති බවයි.

මෙම 15 දෙනා ම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ, මියවැඩි නමැති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන, දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණා.

ඉන්පසු මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ උදෑසන 10.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ සිට තායිලන්තය දක්වාත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාත් මොවුන් රැගෙන ඒමේ වගකීම සහ ඒ සඳහා වූ බරපැන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් දරා තිබුණා.

මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර ඊයේ සවස 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සඳහා නිදහස් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?