මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිර වූ ලාංකිකයින් 15ක් මුදාගෙන මෙරටට

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු, එයින් මුදා ගෙන ඊයේ (07) දින උදෑසන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජය සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කඳවුර තුළින් මුදාගෙන මෙරටට ගෙන ඒමට හැකි වී ඇති බවයි.

මෙම 15 දෙනා ම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ, මියවැඩි නමැති ප්‍රදේශයේ පිහිටි සයිබර් කඳවුර තුළින් මුදාගෙන, දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණා.

ඉන්පසු මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ උදෑසන 10.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ සිට තායිලන්තය දක්වාත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාත් මොවුන් රැගෙන ඒමේ වගකීම සහ ඒ සඳහා වූ බරපැන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් දරා තිබුණා.

මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර ඊයේ සවස 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සඳහා නිදහස් කර තිබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51