මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැකයක්

යාපනය- චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් ඇයගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලද බව කෝපායි පොලිසිය පැවසුවා.

පසුගිය පෙබරවාරි මස 08 වනදා ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් 35 හැවිරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලනී සතීස් මහත්මිය දරුණු පිළිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වුණා.

ඒ වන විටත් ඇය මාස 06ක ගැබිනියක්ව සිටි බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ.

පසුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා පොලිසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුළ ඉටිපන්දමක් දැල්වීමට යාමේ දී එකවරම සිරුරට ගිනි ඇවිලුණු බවයි.

කෙසේවෙතත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුර භූමදානය කළ අතර ම ඇගේ පියා විසින් සිය දියණියගේ මරණය පිළිබඳ ව සැමියා සැක කරන බවටත් එම මරණය ඝාතනයක් බවට සැක කරන බව ද පොලිසියට සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ පැමිණිල්ලට අනුව අධිකරණයට කරුණු ගොනුකොට ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15