මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැකයක්

යාපනය- චාවකච්චේරි ප්‍රදේශීය ලේකම් කාර්යාලය සේවයේ නිරත සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් ඇයගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලද බව කෝපායි පොලිසිය පැවසුවා.

පසුගිය පෙබරවාරි මස 08 වනදා ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් 35 හැවිරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලනී සතීස් මහත්මිය දරුණු පිළිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වුණා.

ඒ වන විටත් ඇය මාස 06ක ගැබිනියක්ව සිටි බවයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ.

පසුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා පොලිසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුළ ඉටිපන්දමක් දැල්වීමට යාමේ දී එකවරම සිරුරට ගිනි ඇවිලුණු බවයි.

කෙසේවෙතත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුර භූමදානය කළ අතර ම ඇගේ පියා විසින් සිය දියණියගේ මරණය පිළිබඳ ව සැමියා සැක කරන බවටත් එම මරණය ඝාතනයක් බවට සැක කරන බව ද පොලිසියට සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ පැමිණිල්ලට අනුව අධිකරණයට කරුණු ගොනුකොට ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?