මියගිය අයගේ දේහයට බිරියන් දෙදෙනකු හිමිකම් කියයි

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය තරුණ ව්‍යාපාරිකයකුගේ දේහයට හිමිකම් කීමට විවාහක කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා ඇතිවූ ආරවුල නිරාකරණය කිරීම සඳහා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග ලබාදෙන තුරු මරණය කිසිදු පාර්ශ්වයකට මුදානොහැරීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම්. ජයතිලක පෙරේදා (15 වැනිදා) තීරණය කළේය.

රිය අනතුරකින් මියගිය ගල්වල පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු පියකුගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා දෙදෙනාටම අවසන් කටයුතු සඳහා මරණය ලබාදීමට මරණ පරික්ෂකවරයා විසින් තීරණය කර තිබුණි.

එහෙත් දෙපාර්ශ්වය විවිධ අදහස් පළකරමින් මරණ පරීක්ෂකවරයාගේ නියෝගයට එරෙහිවීම නිසා මරණය මුදාහැරීම අද (17 වැනිදා) දක්වා ප්‍රමාද කළ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සුදුසු නියෝගයක් අධිකරණයෙන් ලබාගෙන අවසන් කටයුතු සිදුකරන ලෙස දෙපාර්ශ්වයට හා පොලිසියට නියෝග කළේය.

මරණ පරීක්ෂණය පැවැති අවස්ථාවේ අදාළ කාන්තාවන් දෙදෙනා උඩරට විවාහ සහතිකයක් හා විවාහ ලේකම් පොතෙන් ලබාදෙන සහතික රැගෙන මරණ පරීක්ෂකවරයාගෙන් මෘත දේහය ඉල්ලීමත් සමග අර්බුදය හටගෙන තිබේ.

මරණකරුගේ දෙවැන බිරිය අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, උඩරට ක්‍රමයට විවාහ වූ පළමු කසාදයේ බිරිඳ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඔවුන් දෙදෙනාටම මරණකරුට දාව දරුවන් දෙදෙනකු සිටිනා බවද මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මරණකරු විසින් බිරියන් දෙදෙනාටම කිසිදු අඩුපාඩුවක් නොමැතිව සලකා ඇති බවත් කාන්තාවන් දෙදෙනාම සිය සැමියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැන සිට ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

පුලියන්කුලම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආසන්නයේ සිදු වූ අනතුර ගැන දැන ගැනීමෙන් පසුව දෙවැනි බිරිය පළමුව අනුරාධපුර රෝහලට ගොස් ඇති බවත් ඉන්පසුව පළමු බිරිය එහි ගොස් ඇති බවත් අනාවරණය විය. අයිතිවාසිකම් වෙනුවෙන් විවාහ සහතික ඉදිරිපත් කිරීමේදී මරණකරු විසින් කාන්තාවන් දෙදෙනා විවාහකර ගැනීමේදී ව්‍යාජ තොරතුරු සපයා ඇති බවත් මරණ පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.

මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක විසින් දෙපාර්ශ්වයට සාධාරණ අන්දමින් මෘතදේහය ලබාදීමට තීරණය කළ පසු දෙපාර්ශ්වය විසින්ම ඊට එකඟවී තිබුණි. නමුත් හදිසියේම එක් පාර්ශ්වයක් විරෝධය පෑම නිසා සියලු පරීක්ෂණ අවසන්කර ආරවුල විසඳ ගැනීම සඳහා එම ගැටලුව අධිකරණයට යොමු කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවත් වූ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සහතිකයේ බිරිඳ එක සහ බිරිඳ දෙක යනුවෙන් සටහන් යොදා තිබුණි.

මරණකරුගේ මරණයට හේතුව අනතුරෙන් සිදුවූ බහුවිධ තුවාල බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.ඒ. කරුණාතිලක විසින් නිගමනය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?