මියගිය අම්මා හීනෙන් කියූ නිධානයක් ගන්න ගිය, තාත්තාට සහ පුතාට අත් වුණු ඉරණම මෙන්න

මියගිය මව විසින් නිවෙසේ කාමරයක බිමේ වටිනා වස්තු සම්භාරයක් තිබෙන බව හීනෙන් පැවැසීම නිසා එය සොයා කාමරය තුළ විශාල කැණීමක් සිදුකර එය ගොඩගැනීමට උත්සාහ කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් විශ්‍රාමික පොලිස් රියැදුරකු හා ඔහුගේ පුත්‍රයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

අනුරාධපුර, කලත්තෑව, මිහිඳු මාවතේ පදිංචි කුලසූරිය වාසල මුදියන්සේලාගේ සිරිල් ජයවීර (65) හා කුලසූරිය වාසල මුදියන්සේලාගේ එස්.පී. ජයවීර (23) මෙසේ යන පිය පුතු දෙපළට දඩ නියම කෙරිණි.

සැකකරුවන් පොළොව කැණි ස්ථානය පුරාවිද්‍යා බිමක් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තහවුරු කර තිබූ අතර නිදන් සෙවීමේ චේතනාවෙන් අනවසර කැණීමක් සිදුකිරීමේ චෝදනාවට ඔවුන්ට මෙසේ දඩ නියම කෙරිණි.

විශ්‍රාමික කොස්තාපල්වරයාගේ නිවෙසක කාමරයක් තුළ විශාල කැණීමක් සිදුකෙරෙමින් පවතින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට මාර්තු මස 13දා ලැබුණු තොරතුරකට අනුව පොලිසිය වැටලීම සිදුකර තිබිණි.

ස්ථානය වටලන විට විශ්‍රාමික පොලිස් රියැදුරාගේ පුත්‍රයා අධික ගැඹුරු කැණීමේ අට්ටාලයක් සකසාගෙන පොළොව කණිමින් සිටි බව පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

අඩි 10 හා 12 පළලින් යුතුවූ කාමරයේ අඩි 4 1 /2 පළල, අඩි හතරක් දිග සහ අඩි 15ක් ගැඹුර කැණීමක් සිදුකර තිබූ බවත් එම ස්ථානයේ අඩියක් පමණ ජලය රැඳී තිබූ බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

සැකකාර පියා සහ පුත්‍රයා සතියක පමණ කාලයක් ඉතා රහසිගතව කැණීම සිදුකර තිබෙන බවත් ඔවුන් කැණීමෙන් ඉවත දමා තිබූ පස් තොගයක් කාමරයේ ගොඩගසා තිබියදී හමුවූ බව පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ මියගිය මව විසින් නිවෙසේ නිධානයක් ඇති බවට අවස්ථා කිහිපයකදීම හීනයෙන් පැවැසීම නිසා ඔහු අනුරාධපුර තරියන්කුලමේ පිහිටි දේවාලයකට ගොස් ශාස්ත්‍ර බලා දේවාලයේ උපදෙස් මත නිදන කාමරයේ කැණීම සිදුකර තිබෙන බවට අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙන බව පොලිසිය අධිකරණයට සැලකර සිටියේය.

වැටලීම සිදුකළ ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් උදලු, අලවංගු, ලණු, බාල්දි, ඉණිමගක්, වයර්, බල්බ ඇතුළු නඩු භාණ්ඩ සියල්ලම රාජසන්තක කරනා ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

ඔවුන් දින 45කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් අතර දෙදෙනාට වෙන් වෙන්ව රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

අනුරාධපුර කොට්ඨාස පුරාවිදා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඩබ්. ඇල්ලේපොළ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කරුණාරත්න, පොලිස් සැරයන්වරුන් වන හරස්ගම (31166), වීරකෝන් (36446), පොලිස් කොස්තාපල් පෙරේරා (28118) යන නිලධාරීන් වැටලීම සිදුකර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.අනුරාධපුර _ මහේෂ් විජේසූරිය
මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12