AFC Banner
AFC Banner
Empty Ad

මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් 32 දෙදෙනා මුදා ගැනේ

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙදෙනකු මුදාගෙන තිබෙනවා.

අද (25) පස්වරුවේ මෙම මෙහෙයුම ඉතා සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව සිදු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

බේරා ගැනුණු ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු සිටින බවත් වාර්තා වනවා.

ඔවුන් Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙනවිත් ඇති අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන් පිළිගනු ලැබූ බව ද සඳහන්.

මෙම ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන සිට ඇත්තේ මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?