AFC Banner
Empty Ad
Empty Ad

මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ සුරාබදු ලොක්කන් තිදෙනෙකුට වැඩ වරදියි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළා.

ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇති බව තීන්දුවෙන් චෝදනා කර තිබුණා.

අදාළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් සිව්දෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව අදාළ වැටලීමට සහභාගී වූ බොරැල්ල සුරාබදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරාබදු නියාමක එන්.එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

ඒ, අනුව එම නිලධාරීන් තිදෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින්, සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුමට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන්.

අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වෙයි.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් දසදහස බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ලේඛකාධිකාරීවරයාට නියෝග කර සිටියා.

ඊට අමතරව වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36

?