AFC Banner
Empty Ad
Empty Ad

මිනිරන් පතලට වැටුණු කාන්තාව

ගාල්ල – බද්දේගම අම්පේගම ප්‍රදේශයේ කාන්තාවක් අඩි 45ක පමණ අත්හැර දමා තිබූ මිනිරන් පතලකට වැටී තිබෙනවා. අද පෙරවරුවේ මෙම සිද්ධිය බද්දේගම පොලීසියට වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැලෑබද ප්‍රදේශයකින් කාන්තාවකගේ කෙදිරිලි හඬක් ඇසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් ඒ පිලිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ බද්දේගම පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අදාළ පතල තුල සිරවී සිටි කාන්තාව මුදා ගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.

50 හැවිරිදි එම කාන්තාව මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?