“මිනිය නැගිටලා.. දුවපියව්..!!” – රාත්‍රීයේ මිය ගිය කාන්තාව, මෝචරියේදී නැගිටලා රෝහල එකම ගාලගෝට්ටියක් වෙයි

මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය.මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලැබූ කාන්තාවක රාත්‍රි කාලයේ මියගියාය.

මරණයෙන් දෙපැයක් ගතවූ පසු දේහය මිනී කාමරයට දැමීම සිරිතක් බැවින් වාට්ටු භාර නිලධාරීහු ඒ බව මිනී කාමරයේ සේවක පිරිසට දැනුම් දීමට පියවර ගත්හ.

මිය ගිය කාන්තාවගේ සිරුර වාට්ටුවේ කෙළවරක ඇඳේ තබා වසා තිබිණි. එක් අයෙකුගේ මරණය නිසා වාට්ටුවේ සිටි සෙසු රෝගී කාන්තාවන්ද සිටියේ තරමක් බිය පත්වය.

වැඩිදෙනා හිස වැසෙන සේ රෙදි පොරවා ගෙන නින්දට ගියේ වාට්ටුවේ කෙළවරක මළ මිනියක් තිබෙන බව දන්නා නිසාවෙනි.

මේ අතර මිනී කාමරයේ සේවකයන් දෙදෙනා ට්‍රොලියද තල්ලු කරගෙන වාට්ටුවට ආවේ දේහය රැගෙන යාමටය. වාට්ටුවට ඇතුළුවන ස්ථානයේ සුදු රෙද්දකින් වසා දැමූ මළ සිරුර දුටු ඔවුහු කිසිවක් නොවිමසාම දේහය ට්‍රොලියට දමා ගැනීමට කටයුතු කළෝය.

ඒ සමගම තද නින්දේ සිටි කාන්තාව අවදි වූවාය. ඇගේ අවදි වීමත් සමඟ සේවක දෙපළට ඇතිවූයේ මර බියකි. මිනිය නැගිටලායි ළතෝනි දුන් දෙදෙනා දුවන්නට වූහ.

පසුව කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ දේහය තිබුණේ වෙනත් කෙළවරක බවත් මරණය නිසා ඇති වූ බිය හේතුවෙන් සෙසු රෝගී කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා රෙදි පොරවාගෙන නිදා සිටියදී මෙම කාන්තාව පමණක් සුදු රෙද්දක් පොරවාගෙන තිබීම නිසා සේවක දෙපළට වරදක් සිදුවී ඇති බවය.

පසුව සෙසු රෝගීන්ගේ අවඥාව මැද්දේ සේවක දෙපළ නියමිත මළ සිරුර රැගෙන ගිය බවද දැනගන්නට ලැබුණි.(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවාආරච්චි)
මෙම ලිපියේ සම්පූර්ණ උපුටාගැනීම “ලංකාදීප” පුවත්පතෙන්..!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23