පොලිස් නිලධාරීන් නොමැතිව ලීසිං වාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මින් ඉදිරියට අවස්ථාව නොලැබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ, එම චක්‍රලේඛකය දින 4 කින් සෑම පොලිස් ස්ථානයකටම යොමුකරන බවටයි .
ලීසිං වාහන අත්පත් කර ගැනිමේ දී සිදුවන ක්‍රියාවලියේ දී මතුවන ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට රැස්ව අද නිහඬ විරෝධතාවක නිරත විය
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නොමැතිව ලීසිං වාහන අත්පත් කර ගැනීමට අවස්ථාවක් නොදෙන බවට එහිදී පොරොන්දු වු බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක පොතුපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

මගේ වාහනය 2024-01-04 දින ටොයෝටා ඇක්වා හයිබ්‍රිඩ් කාර් රථය ඇල්පිටිය නගර මධ්‍යයේ දී මාහට සීසර් වරැන් තිදෙනෙකු පහර දී රථය මාගෙන් පැහැර ගෙන ගොස්, පාරේ ගමන් කරමින් තිබූ මෝටර්-සයිකලයක් ද හප්පා ඔහුට ද දරුනු ලෙස තුවාල කොට මාගේ කාර් රථය පාරේ දකුණු පැත්තේ තිබුණු කොන්ක්‍රීට් පැති බැම්මක් ද කඩා ගෙනගොස් පාරේ සිට අඩි 30 ක් පමණ දුරින් කුඹුරකට වැටීමෙන් අනතුරුව වාහනය අතහැර පලා ගොස් ඇත.
වාහනය කන්ඩෙම් තත්වයේ පවතී.
NDB බැංකුවේ ලීසිං දමා තිබුණු බැවින් , බැංකුව හා පොලිසිය එකතුව වාහනය ඇල්පිටිය පොලිසියට කැරියර් එකක පටවා ගෙනගොස් දමා ඇත.
මේවන තෙක් මාහට කිසිදු පාර්ශ්වයකින් වත් සාධාරණයක් ඉටුවී නොමැති බව මෙයින් දන්වමි.
මාගේ දුරකථන අංකය 0716669055