කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදියකගේ හදිසි මරණයක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක්.
2018 වසරේ පත්වීම් ලැබූ හෙදිය පුහුණු කාලය අවසන්වී කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට තිබුණා.
නිවාඩු ලබා පසුගිය 25 වනදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසට පැමිණි ඇය 26 වනදා විනෝද ගමනක් යාම සඳහා උදෑසන ආහාරය ද ලබාගෙන සූදානම් වෙමින් සිටියදී ඇද වැටී ඇති බව සඳහන්.
පසුව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ මෙම තරුණිය අනතුරුව දියතලාව රෝහලට මාරුකර යවා ඇති අතර ඒ අතරතුර මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
එබැවින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඇයගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ දියණියට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි.














