මිතුරියන් එක්ක විනෝද ගමනක් යන්න හැදූ හෙදිය හදිසියේම ජීවිතය හැර යයි (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදියකගේ හදිසි මරණයක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක්.

2018 වසරේ පත්වීම් ලැබූ හෙදිය පුහුණු කාලය අවසන්වී කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට තිබුණා.

නිවාඩු ලබා පසුගිය 25 වනදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසට පැමිණි ඇය 26 වනදා විනෝද ගමනක් යාම සඳහා උදෑසන ආහාරය ද ලබාගෙන සූදානම් වෙමින් සිටියදී ඇද වැටී ඇති බව සඳහන්.

පසුව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ මෙම තරුණිය අනතුරුව දියතලාව රෝහලට මාරුකර යවා ඇති අතර ඒ අතරතුර මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

එබැවින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇයගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ දියණියට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් ‍රාජපක්ෂ කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40