මිතුරාගේ බිරිඳට හදිකරන්න ගිය පුද්ගලයෙක්ට මන්නයකින් කොටලා

නිවසකට ඇතුළු වී එක්දරු තරුණ මවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එම කාන්තාව විසින් මන්නයකින් පහර දී තිබෙනවා.

අඟුරුවාතොට පොලිසිය පැවසුවේ බටගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි.

මෙලෙස පහර කෑමට ලක්වූ පුද්ගලයා අදාළ කාන්තාවගේ ස්වාමියාගේ මිත්‍රයෙක් බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ සැමියා රාත්‍රියේ මත්පැන් පානය කර බටගොඩ හන්දිය ප්‍රදේශයේ සිටිය දී මිතුරෙක් ඔහුගේ ත්‍රීරෝද රථයේ නන්නවාගෙන බටගොඩ, හරිත උයන ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන විත් තිබෙනවා.

පසුව ත්‍රිරෝද රථ මිතුරා විසින් සූර් වී සිටි මිතුරාව නිදන කාමරයට ගෙන ගොස් ඇදමත තබා නිදි කරවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඔහු නිවසේ සිටි කාන්තාවගේ අතින් අල්ලා ඇගේ ශරීරයේ ස්ථාන කිහිපයක් කිහිපවරක් ස්පර්ශ කර තිබෙනවා.

මෙම පුද්ගලයාගෙන් බේරීම සඳහා අදාළ කාන්තාව තම මවට දුරකථනයෙන් ඇමතුමක් දී මුළුතැන්ගෙට දිව ගොස් එහි තිබූ මන්නා පිහිය රැගෙන සැකකාර පුද්ගලයාට පහරදීමටයි කටයුතු කර ඇත්තේ.

එම ශබ්දයත් සමඟ නිදා සිටි ස්වාමියා අවදි වී ඇති අතර එම අවස්ථාවේ මිතුරා වම් අතේ ලේ ගලමින් සිටිනු දැක තිබෙනවා.

එහිදී ස්වාමියාට රෙදි කඩකින් අධික ලේ ගලන තුවාලය ගැට ගසන ලෙස සැකකාර පුද්ගලයා පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ස්වාමියා විසින් ඔහුට පහර දී නිවසින් පන්නා දමා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා අධික රුධිර වහනයවන තුවාලයත් සමඟ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ගල්පාත රෝහලට පැමිණ ඇති අතර රෝහල ඉදිරිපිට දී ක්ලාන්ත වී වැටී ඇති බව සඳහන්.

පසුව ගල්පාත රෝහල නිලධාරීන් විසින් ඔහුට ප්‍රතිකාර කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මේ අතර අතවරයට පත් කාන්තාව අඟුරුවාතොට පොලිසිය වෙත ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති අතර, පසුව එම කාන්තාව පහරදීම සම්බන්ධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර පුද්ගලයා ද අයුතු ඇතුල්වීම සහ ලිංගික අපයෝජනය යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, පහරදීම සම්බන්ධයෙන් කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

සැකරුවන් හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08