මරදන්කඩවල පොලිස් වසමේ හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එලෙස කිඹුලා විසින් ඩැහැගෙන ගිය දැරිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 09ක දැරියක් බවයි වාර්තා වුණේ.
අදාළ දැරිය ඊයේ (19) දහවල් තම මිත්තණිය සමඟ හිනුක්කිරියාව වැවේ දියනාමින් සිටිය දී කිඹුලෙකු විසින් දැරියව ඩැහැගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පසුව ගම්වාසීන්, පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් විසින් වැවට බැස දැරිය සෙවීමේ දී කිඹුලා විසින් ඩැහැගත් දැරිය අතහැර දමා ගොස් ඇති අතර, සොයාගත් දැරිය මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිට තිබෙනවා.













