AFC Banner
Empty Ad

මිණිබිරිය දහම් පාසල් රැගෙන ගිය මිත්තණිය වන අලි පහරින් ජීවිතක්ෂයට

ඔයාමඩුව, පානක්කැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (22) සිදු වූ මෙම වන අලි පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ඇයගේ මිණිබිරිය දහම් පාසල වෙත රැගෙන ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී මෙලෙස වන අලියා පහර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය පවුලේ සාමාජිකයින් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?