මැසඩෝනියාවට පනින්න ලංකාවට ආ බංගලාදේශ ජාතිකයන් පහක් පිටුවහල් කෙරේ

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිත කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙකු අද (20) දින ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයින් අද (20) අලුයම් කාලයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි ඔවුන් සිය ආගමන කටයුතු නිශ්කාශනය කිරීම සදහා පෝලිමක රැදී සිටියදී, ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට ඇති වූ සැකය මත සිදුකළ ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මොවුන් සතුව තිබූ මැසඩෝනියා රාජ්‍යයේ වීසා බලපත්‍ර පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී , මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව මොවුන්ගෙන් මේ පිළිබද වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වල දී තමන් මෙරටට පැමිණ දින දෙකකට පසුව මැසඩෝනියාව වෙත පළා යාම සදහා සැළසුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මොවුන් ආපසු හරවා යැවීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?