මැර තර්ජන හේතුවෙන් ප්‍රාදේශීය රෝහලක් තාවකාලික වසා දමයි

දිගින් දිගටම පැමිණෙන විවිධ පුද්ගලයන්ගේ තර්ජන නිසාවෙන් ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ට ආරක්‍ෂාවක් නොමැති වීම නිසා පෙරේදා (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතුකර තිබෙනවා.

රෝගීන් සමග බීමතින් පැමිණෙන හිතවතුන් සහ රෝගීන්ගේ සහායකයන් විසින් බැන තර්ජනය කිරීම් සහ මරණීය තර්ජන එල්ල කිරීම් දිගින් දිගටම සිදුවී ඇතිි අතර ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍ය නිලධාරිනියන් විසින් පොලිසිය ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් පොලිසිය ආරක්‍ෂාව සැපයීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසනවා.

පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු මෙම රෝහල වසා දමා තබන බවයි වාර්තා වන්නේ.

වෙළෙස රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (23) සවස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක්ෂක කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛා ලේකම් ජගත් දිසානායක සහ ඩයගම ප්‍රාදේශීය ලෝහල් භාර වෛද්‍ය නිළදාරිනි මිනෝෂා වැලිකන්න කියා සිටියේ වෛද්‍ය නිලධාරිනියන්ගේ හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක පොලිසිය විසින් ආරක්ෂාව තර්ක කර දෙනු ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලික වසාා දැමීමට කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
2
+1
15
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53