මැයි 02 වැනි දා සිරදඬුවම් නියම වූ අපරාධකරුවෙකුට වෙසක් පෝය දවසෙ ජනපති සමාව දීලා (වීඩියෝ)

යුක්තිය ඉටු විය යුතු සමයක, මහාධිකරණයක දී දණ්ඩ නීති සංග්‍රහයේ 386 යටතේ වරදකරුවෙකු බවට නම් කෙරුණු අපරාධකරුවෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබීම බරපතළ තත්ත්වයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්.පී. පෙරේරා පවසනවා.

අද (06) දිනයේ පාර්ලිමේන්තුවේ ශෝකී ප්‍රකාශ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය මැයි මස 02 වැනි දින අනුරාධපුර මහාධිකරණයේ දී වරදකරුවෙකු කරන ලද අතුල සේනාරත්න නමැත්තා හට තවත් අධිකරණ කිහිපයක ම අධිචෝදනා 20කට වැඩි ප්‍රමාණයක් පවතින අයෙකු බවත්, මැයි 02 වැනි දින දඬුවම් නියම වූ පසු මැයි මස 12 වැනි දිනට යෙදුණු වෙසක් පොහොය වෙනුවෙන් එකී රැඳවියාට ජනපති සමාව දීම අයුක්තිය සිදුවීමක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ව ජනාධිපතිවරයෙකුට ‘ජනපති සමාව’ පිරිනැමිය හැකි නිසි ක්‍රියාවලියක් ඇති පසුබිමක වත්මන් රජය යුක්තිය ඉටු කිරීමට පැමිණ මෙවැනි අයුක්තිසහගත දෑ සිදු කිරීම බරපතළ ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
16
+1
116
+1
13
+1
11
+1
9
+1
18
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?