මැදපෙරදිග අර්බුදය හමුවේ ශක්‌තිමත් වෙන ඉන්දියාව සහ වෙනිසියුලාව අතර බලශක්ති සබඳතා

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී සහ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, ඉන්දියාව සහ වෙනිසියුලාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට දෙරටම පියවර ගෙන තිබෙනවා.

ලොව විශාලතම බොරතෙල් තැන්පතුවලින් සමන්විත වෙනිසියුලාව සහ ලොව තෙවැනි විශාලතම තෙල් පාරිභෝගිකයා වන ඉන්දියාව අතර පවතින්නේ “පරිපූර්ණ අනුපූරකතාවක්” (Perfect Complementarity) බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසනවා.

විශේෂයෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් 40%කට වඩා ප්‍රවාහනය කරන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) අවහිර වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ නිසා සිය බලශක්ති ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ඉන්දියාව සිය තෙල් ආනයන ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීමට දැඩි උත්සාහයක නිරත වනවා.

වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස්ගේ (Delcy Rodriguez) නව දිල්ලි සංචාරයත් සමඟ මෙම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා .

වාර්තාවලට අනුව ඉන්දියාව පසුගිය මැයි මාසයේදී දිනකට වෙනිසියුලානු බොරතෙල් බැරල් 427,000ක් ආනයනය කරමින් එහි දෙවැනි විශාලතම ගැනුම්කරු බවට පත්ව තිබෙනවා.

මීට අමතරව, බලශක්ති ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී කෘෂිකර්මාන්තය, පතල් කැණීම සහ ඖෂධ නිෂ්පාදනය වැනි අංශයන් දක්වා ද සිය ආර්ථික සබඳතා පුළුල් කිරීමට දෙරටේම අවධානය යොමුව තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32