මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය අද – ශර්මාගෙනුත් සුබ පැතුම්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (17) ආරම්භ වනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය, මෙරටින් බිහි වූ විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය වනවා.

මෙම තරගය අද (17) පෙරවරු 10.00ට ආරම්භ වන අතර, මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතයට සොනාල් දිනුෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක, පසිදු සුරියබණ්ඩාර, ඉසිත විජේසුන්දර වැනි නවකයින් ද ඇතුළත්.

2025 – 2027 ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගවලිය මෙය වන අතර, තරගයට පෙර කණ්ඩායම් දෙකේම නායකයින් දෙපළ එක් වූ මාධ්‍ය හමුව ඊයේ (16) ගාල්ලේ දී පැවැත් වුණා.

බංග්ලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට ප්‍රතිචාර දැක්වීමට පෙර ගාල්ල තණතීරුවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දුවෙන් සිටින බව බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට ජයග්‍රාහී සමුදීමක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස්ට, ඉන්දීය එක්දින නායක රෝහිත් ශර්මා හෘදයාංගම සුභ පැතුම් එක්කර තිබෙනවා.

ශර්මා, මැතිව්ස්ට එලෙස සුභ පැතුම් එක්කර වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27