AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ රාජකාරීවලට රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් කොළඹින් පිට පළාත්වලට

එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් කොළඹින් පිට පළාත්වලට යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සහ සහකාර ‍තේරීම් භාර නිලධාරීන් ලෙස ඔවුන්ව මෙලෙස කොළඹින් පිට පළාත්වලට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ‍සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර දිවයින පුරා මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 54,000කට ආසන්න පිරිසක් අනුයුක්ත කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ පොලිස්පතිවරයා සඳහන් කළා.

එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ සැළකිය යුතු පොලිස් ආරක්ෂාවට අමතරව ජංගම මුර සංචාර 3,200ක් පමණ යෙදවීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

නීතිවිරෝධී පෝස්ටර් කටවුට් ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලය 1,500 ක් පමණ පොලිසියට බඳවා ගෙන තිබෙනවා.

මේ වනවිට නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් 169,358ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයින් සෘජුවම ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 260 කට අධික පිරිසක් යොදවා ඇති බැවින් ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කර ඇති බව පොලිසිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?