AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි තව දුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව අගෝස්තු 31 වනදා සිට ඊයේ (05) දිනය දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2460ක් බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

මේ අතර ඊයේ දිනයේ දී මැතිවරණ පැමිණිලි 233ක් වාර්තා වන අතර එම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි වාර්තා වුණේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ලැබී පැමිණිලිවලින් පැමිණිලි 1707ක් විසඳීමට කටයුතු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?